
සංක්‍රමණිකයන්ගේ කතා මාලාව
South korea gyeonggi-do ප්‍රදේශයේ ජීවත්වන සංක්‍රමණිකයන්ගේ කතන්දර වල සදහන් වන්නේ එහි ජීවත්වන සංක්‍රමණිකයන්ගේ ව්‍යාපෘති ගැනයි.මේ කතන්දර ගොඩනැගිල තියෙන්නේ සහ ඉදිරියට ගෙනයන්නේ මෙම වෙබ් අඩවියයි. 2022.12 මස වෙබ් අඩවියේ එසේ සදහන් වේ. මෙම ව්‍යාපෘතියෙන් මට කීමට අවශ්‍ය වී තිබෙන්නේ දුරපලාත් වලින් පැමිණි සංක්‍රමණිකයන් අද වන විට අපගේ අසල්වැසියන් සහ හොද මිතුරන් ගැනයි. මෙම වර්ශයේදී ව්‍යාපෘතිය හරහා කොරියාවේ ජීවත්වන විවිධ රටවල මිතුරන් හදුනාගැනීම හා ඔවුන්ගේ ජීවන අත්දැකීම් හුවමාරු කර ගත හැකිවිය.එම අත්දැකීම් අප සිතනවාට වඩා බොහෝ සංකීර්ණ වේ. ඒ හැමෝම එකිනෙකා ට වෙනස් ජීවිතයක් ගතකලද,බොහෝ කාර්‍යබහුල ජීව්තය තුල කාල කලමණාකරනයට වෙහෙසේ. කොරියානු ජීව්තයට අනුගත වීමෙදී සුපුරුදු රටාවෙන් මිදීම බොහෝ අපහසු විය. මෙම ව්‍යාපෘතිය හරහා අප්‍රසිද්ධ හා බොහෝ පරණ ස්ථාන පිලිබදව දැනුවත් වීමට හැකිවිය.තවද ඒකාකාරී ජීව්ත ගත කරන පුද්ගලයින්ගේ සිතුම්පැතුම් හැඟීම් අත්දැකීම වටහා ගත හැකිවිය. මෙම ව්‍යාපෘතිය නිර්මාණය හරහා විවිධ සමාජ මට්ටම්වල සංක්‍රමණිකයන්ගේ තොරතුරු වෙබ් පිටුවක් හරහා ප්‍රේක්ෂකයයිනට දැන ගැනීමට හැකියාව ලැබිණි. මිනිසුන්ගේ ජීවිත කතාව විමසන විට කිලෝමීටර් දහස් ගනනක් දුරින් පිහිටි තමාගේ සුපුරුදු ජීවන රටාවට සහමුලින් වෙනස් ජීවන රටාවකට කොරියාවේ කර්මාන්තායතන තුලදී මුහුනදේ.මෙම රූප රාමු තිරයක් මතට ගෙන එන ලද්දේ මතකාවර්ජනය සදහායි. අපට අවශ්‍යවූයේ දුරින් සිටියද නොවෙනස් ජීවිත ගතකරන නමුදු අසල්වාසීන්ගේ තොරතුරු දැනගැනීමට අවස්තාවක් නිර්මාණය කිරීමටයි.